Monday, August 8, 2022

නොබනනු සුකුරු තෙපුල් 😂😂😂

දිළිසෙනා නෙත් යුගේ 
දිටිමි එළිපිට දඟේ 
වරක් නොව දෙවරක්ම 
හැඟුම් පිපිරුණු රඟේ 
 
සැඟව සිටියත් දෙතොල් 
නෙතින් පෑ ඉඟි ලකල් 
දොඩමළුවු වදන් පෙළ 
තිර විවරකලෙ සියල් 
 
වරෙක ඔබ නිහඬමය 
සිඳු ගැඹුර සේ නිසල 
දොඩමළුවු විට, එකල 
තරඟ පෙල ලෙස නැගෙන
 
සයුර හා ගංගාව - පෙර දිනක එක්වෙලා 
පොළොව හා නොම බැඳේ - වෙරළ ඉම ඉමි බලා 
ඉම පනිත, සිඳු තරඟ - දියත යටවේ ගලා
නොපැන ඉම සිටිය යුතු - දෙදෙන දෙපසට වෙලා 
 
නෙත් කැළුම් දේනම් 
තෙපුලෙන් ඔකඳ වේනම් 
මිතුරු සඳ වේනම් 
මදුර ඵල කිම බුදිනු, තහනම් .....