අදත් එක හැන්දෑවක්
ඔබ ඔතන
මම මෙතන
ජීවත්වෙන්න වෙර දරන
දහසක් සිත් රිදුම්
සඟවා සිනාසෙන....
මමත් ආසයි දිනෙක
ජීවිතේ සැඳෑවක
ගෙනැවිත් දෙන්න මගෙ අතින්
උණුසුම් තේ කෝප්පයක්
සීනි බනිස් ගෙඩියකුත්, තව
සීනි හැන්දක් මුහුකර කලතා
බොන්න ඔබ සමග
ආයෙත් මතක්කර
හිනැහෙමින්
අප ආ ගමන් මග
Mission Impossible......
හීන් හිනාවක් ඇඳුනා කටකොනේ
මේ ඉන්නෙත් අපි දෙන්නාමද හිතිලා....