Tuesday, January 13, 2015
පර මල
කැකුළ දුටු දා
සුවඳ ගන්නට
පැතුවමුත් සිත් කොනින් රහසේ
තලන්නට නම්
කිසිකලේ නෑ
සිහිනෙකින්වත් සිතේ තිබුනේ
විකසිතව මල
නෙක බඹරු' විත්
රොන් උරා පෙති තැළුණු මෙදිනේ
මුකුලිතය ඔබ
නමුත් පෙරදින
සුවඳමය සිත පුරා දැනුනේ.........
Thursday, January 1, 2015
නොවරදින තිළිණය
නැති වුනත් සෙවණැල්ල
මිතුරුමය කඳුළැල්ල
නැත සිතේ සැනසිල්ල
අළුත් ඇරඹුමැ'සිල්ල
ආදරේ නාමයෙන්
එදුක් උහුලමි නිතින්
කඳුළ මා ලඟ ඉඳින්
මියෙන මොහොතෙත්, පෙමින්...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)