Tuesday, January 13, 2015

පර මල

කැකුළ දුටු දා 
සුවඳ ගන්නට 
පැතුවමුත් සිත් කොනින් රහසේ 
තලන්නට නම් 
කිසිකලේ නෑ
සිහිනෙකින්වත් සිතේ තිබුනේ
විකසිතව මල 
නෙක බඹරු' විත් 
රොන් උරා පෙති තැළුණු මෙදිනේ 
මුකුලිතය ඔබ 
නමුත් පෙරදින 
සුවඳමය සිත පුරා දැනුනේ......... 


No comments:

Post a Comment