Saturday, August 24, 2013

වසත් සඳ උදාවෙද ...

කවිලියන්නට තරම් 
මෝරලා නැතත් තව 
කෙමෙන් දලු ලා වැඩෙන 
දෙපියල්වු පෙම් බිජුව 
මල් පිපෙන වසන්තය 
උදා වූවොතින් හෙට 
ලන්වෙලා මුමුණපන් 
ආදරෙන් මගෙ කනට 
කවි සිතම පුබුදුවා 
පෙම් කවක් ලියන්නට 
හෙමි හෙමින් අමතපන් 
මහත්තයො කියා මට .... 

2 comments:

  1. මෝරනා පෙම් බිජුව
    දළුලා පියල් විහිදා
    නුඹ සිතම වසාගෙන
    මහ ගසක් වු දා
    සැනහියන් සබඳ නුඹ
    පරවු මල් පාගා ......

    ReplyDelete
  2. කඳුළු බිඳු වගුරා
    තෙත් කල මහද පොළොවේ
    මෝරන්න නව පෙම්බිජු
    කවුරුද පයින් මැඩ මඩ කෙරුවේ....

    ReplyDelete