එකෝමත් එක දවසක
තමන්ගෙම යැයි සිතූ වුන්
බලාගත්කල ඉවත
අමතකව ගිය සේ ඒ
සොඳුරු අතීතය...
පුංචි කන්දක මුදුනත
තරු පිපුණු රෑ අහසක
සෙවනෙ පිපි මල් ගොමුවක
සුවඳ විහිදෙන මොහොතක
"මහත්තයො කොහෙද මේ මහ රෑ"
සුවපත් කළා සිත
පමණින් මේ වදන් පෙළ
කල්පයක් වැනි වීය
මිහි බට සඳට ආවඩා
ReplyDeleteගයන ගී
හිරුට නෑසෙතෙයි සිතාදෝ
ගයන්නේ සිහින් ස්වරයෙන්....
අමතක වීද ඒ හිරු
හිරු දනී මට වඩා
ReplyDeleteමතක අමතක කාටද
බැසගියෝ හිරු නොවෙද
නැතිව හද අනුකම්පා
වරද කිම මිමිනීමේ
ඉතිකින් සඳට පෙම්බස්....